ශිෂ්‍ය පෙලපාලිකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 115 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
දින කිහිපයක මාරාන්තික ශිෂ්‍ය විරෝධතාවලින් පසුව රජය රටපුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බංග්ලාදේශ හමුදා සෙබළුන් එරට නගරවල මුර සංචාරයේ යොදවා ඇති බව සඳහන්.
ඇඳිරි නීතිය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර, විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට පොලිසිය අපොහොසත් වීමෙන් පසු හමුදා යෙදවීමට අගමැති Sheikh Hasina පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ