Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා නගරයේ වීදි මළ සිරුරු වලින් පිරෙයි

ගාසා නගරයේ වීදි මළ සිරුරු වලින් පිරී ගොස්

ගාසා නගරයේ වීදි මළ සිරුරු වලින් පිරී ගොස්

ගාසා නගරයේ වීදි මළ සිරුරු වලින් පිරී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගාසා නගරයේ මළසිරුරුවලින් වීදි පිරී ගොස් ඇති අතර ඊශ්‍රායල සොල්දාදුවන් නගරයේ තාල් අල්-හවා ප්‍රදේශයට කඩා වැදීමෙන් පලස්තීනුවන් 30 දෙනෙකු ඝාතනයට පත්වී තිබෙනවා.

ගාසා සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බාසාල් මේ බව තහවුරු කරන අතර,
ඊශ්‍රායලය ගාසා නගරයේ ජනතාවට සම්පූර්ණයෙන් ඉවත් වීමේ නියෝගයක් ලබා දීම ගාසා වැසියන් තවත් පීඩාවට ලක්කිරීමක් බවද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසනවා.

ගාසා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ නගරය සඳහා ඊශ්‍රායලයේ ඉවත් කිරීමේ නියෝග සාමාන්‍ය වැසියන්ට එරෙහිව මනෝවිද්‍යාත්මක යුද්ධයක ආකාරයක් පෙන්නුම් කරන බවයි.

ගාසා වැසියන්ට යාමට ආරක්ෂිත ස්ථානයක් නොමැති නිසා තත්ත්වය නරක අතට හැරෙමින් පවතින අතර ඔක්තෝබර් 7දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධයෙන් පුද්ගලයන් 38,295ක් ඝාතනයට පත්ව 88,241ක් තුවාල ලබා සිටිනවා.

Exit mobile version