Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ආයතන කිහිපයක් සමග පොලිසිය ගිවිසුමකට

රාජ්‍ය ආයතන කිහිපයක් සමග පොලිසිය ගිවිසුමකට

රාජ්‍ය ආයතන කිහිපයක් සමග පොලිසිය ගිවිසුමකට

රාජ්‍ය ආයතන කීපයක් සමඟ ශ්‍රී ලංකා පොලිසිය බදාදා දිනයේ (10) එකඟතා ගිවිසුමකට අත්සන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන සමඟ මෙම එකඟතා ගිවිසුම් අත්සන් කර තිබේ.

මුදල් විශුද්ධි කරන හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වාලීම සඳහා පොලිසිය මගින් සිදු කරනු ලබන විමර්ශනවලට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මෙම එකඟතා අත්සන් කර ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී.එස්.සී. නෝනිස් යන මහත්වරු අතර එකඟතා ගිවිසුම් කෙරුණු අවස්ථාවේ සිට ඇත.

Exit mobile version