Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

දුම්රිය ස්ථානාධිපති සංගමය අඟහරුවාදා(09) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා බදාදා (10) පස්වරුවේ පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බවද සඳහන් කළේය.

Exit mobile version