Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 – 30 දක්වා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 - 30 දක්වා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 - 30 දක්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

පළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අධික පිරිසට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් හාරලක්ෂ පනස්දහස් නවසිය විසි හතරක් (450,924) ලැබී ඇති අතර ඒ අතරින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මෙම මාසය තුළ අවසන් කිරීමට නියමිතය.

අස්වැසුම පළමු අදියර සඳහා 1,854,000ක් සුදුසුකම් ලැබු අතර ඒ සඳහා රුපියල් බිලියන 58.5ක මුදලක් රජය විසින් වෙන් කෙරිණි. එම පළමු අදියරට අයදුම් කිරීමට නොහැකි වූ හෝ මගහැරුණු පිරිසට නැවත අයදුම් කිරීමට අවස්ථාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබාදී ඇත.

සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහාද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීම සිදු වේ.

මේ අතර ක්ෂේත්‍ර තොරතුරු එක් රැස් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා ඡායාරූප ගැනීම, භූ සිතියම් ගැනීම හා හඬ පටිගත කිරීමේ පහසුකම්ද සහිත නව ජංගම යෙදුම් මෘදුකාංගයක් (Mobile App) සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.

ඒ අනුව ජංගම යෙදුම් මෘදුකාංගය මඟින් තොරතුරු එක් රැස් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

Exit mobile version