Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කල ශ්‍රී ලාංකික අපරාධකරුවන් 11 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කල ශ්‍රී ලාංකික අපරාධකරුවන් 11 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කල ශ්‍රී ලාංකික අපරාධකරුවන් 11 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු සෙනසුරාදා (06) උදෑසන මගින් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

පසුගිය ජූලි පළමුවැනිදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් සිය ගණනක් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කර තිබුනි.

ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මඟින් සිදු කල සොයා බැලීමේදි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකුද සයිබර් ජාවාරමේ සහ ගණිකා ජාවාරමේ නිරත වීම ඇතුළු විවිධ චෝදනා මත පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය.

ඉදිරි පොලිස් විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අනෙකුත් ශ්‍රී ලාංකික පිරිසද සති දෙකක් තුළ මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්‍යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පිරිස දිවයිනට පැමිණීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් සිදු කිරීමට නියමිතය.

Exit mobile version