Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර චෙස් පදක්කම් 02ක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර චෙස් පදක්කම් 02ක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර චෙස් පදක්කම් 02ක්

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලාංකික බාළක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒවායින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා බ්‍රහස්පතින්දා දින (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟාවිය.

ආසියානු චෙස් සම්මේලනය මගින් කසකස්තානයේ ඉකුත් ජුනි 09 දින සිට ජුනි 21 දින දක්වා පැවැත් වූ ආසියානු යොවුන් චෙස් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 10න් පහළ බාළක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ සිසුවා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 12න් පහළ බාළිකා තරග සදහා සහභාගී වූ ඔෂිනි ගුණවර්ධන සිසුවිය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා දින (04) අලුයම 04.25ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම පදක්කම්ලාභීන්ගේ දෙමාපියන්, එම සිසුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු භවතුන් මෙන්ම ජාතික චෙස් සම්මේලනයේ නිලධාරීන්ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Exit mobile version