Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගොවිජනතාවට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර

ගොවීන්ට බන්ඩි පොහොර නිකම් දෙන්න අවබෝධතා ගිවිසුමක්

ගොවීන්ට බන්ඩි පොහොර නිකම් දෙන්න අවබෝධතා ගිවිසුමක්

2024/25 මහ කන්නය හා 2025/26 මහ කන්නය යන කන්න දෙක තුළ ශ්‍රී ලංකාවේ සියලුම වී වගා කරන ගොවි ජනතාවට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමක් පරිදි බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ප්‍රමාණයක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබෙන බවයි ඒ මහතා කියා සිටියේ.

මේ පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳුදා (24) දින තිස්සමහාරාම ප්‍රදේශයේ දී පැවැති රැස්වීමක දී අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පොහොර බෙදාහැරීම වැනි කටයුතු සඳහා රුපියල් බිලියන එකහමාරක පමණ මුදලක් වැය වන බවත් එම මුදල රජය විසින් දැරීමට පියවර ගන්නා බවත් සඳහන් කළා.

එසේම මෙම කටයුතු සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දැන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Exit mobile version