Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර නවතම යුද්ධයක් – ජගත් සංවිධානය

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර අලුතින් යුද්ධයක් - ජගත් සංවිධානය

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර අලුතින් යුද්ධයක් - ජගත් සංවිධානය

අලුතින් යුද්ධයක් නිර්මාණය වී එන බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

ඊශ්‍රායලය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මෙම යුද්ධය නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා.
සමස්ත ලෝකය ව්‍යසනයක අද්දර සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළා.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ඇති විය හැකි විනාශකාරී ගැටුමක අවදානම ඔහු පෙන්වා දෙනවා.

ෂියා මිලිෂියාවේ ප්‍රධානී හසන් නස්රල්ලා බදාදා අනතුරු ඇඟවූයේ බටහිර ජෙරුසලම සමඟ පූර්න පරිමාණ ගැටුමකට හිස්බුල්ලා සංවිධානය සූදානම් බවයි.

එය තවදුරටත් උත්සන්න වුවහොත් යුදෙව් රාජ්‍යයේ උතුරු ප්‍රදේශ ආක්‍රමණය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා.

පසුගිය සතියේ දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන හජ් සාමි තලෙබ් අබ්දුල්ලා මිය යාමෙන් පසුවයි මෙම උණුසුම් වාතාවරණය ඇති වුණේ.

Exit mobile version