Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුධ ගැටුම් හේතුවෙන් 2023දී සිවිල් මරණ 72%කින් ඉහළට

යුධ ගැටුම් හේතුවෙන් 2023දී සිවිල් මරණ 72%කින් ඉහළට

යුධ ගැටුම් හේතුවෙන් 2023දී සිවිල් මරණ 72%කින් ඉහළට

ලොව පුරා යුධ ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිවිල් මරණ සියයට 72කින් ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ලොව පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් සිවිල් මරණ සියයට 72කින් ඉහළ යාම ඊට වගකිව යුත්තන්ගේ දැඩි අවදානයක් යොමුවිය යුතු කරුණක් බවයි ජගත් සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානියා සදහන් කරන්නේ.

මියගිය අය අතුරින් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් ලෙසද සටහන් වනවා.

පසුගිය වසරේ දී පෙර වසරවලට සාපේක්ෂව කාන්තා මරණ දෙගුගණයකින් ඉහළ ගොස් ඇති අතර ළමා මරණ තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි මානව හිමිකම් ප්‍රධානියා තවදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම යුද ගටුම් හේතුවෙන් අවතැන් පිරිස් වෙත මානුෂීය ආධාර ලබාදීම සදහා ප්‍රමාණවත් තරම් මුදල් ලැබී නොමැති බවද ඔහු පවසනවා.

ආධාර සැපයීම සදහා අවශ්‍ය මුලු මුදලට වඩා ඇමෙරිකා ඩොලර් බිලියන 40.8 ක මුදලක් අඩුවෙන් ජගත් සංවිධානය වෙත ලැබී ඇති බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ.

Exit mobile version