Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

බදු මුදල් ගෙවීම පැහැර හරිමින් සුපිරි වාහන ලියාපදිංචි නොකර මුදාහැර රජයට රුපියල් බිලියන දහයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාළ සුපිරි ජීප් රථ 5ක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අල්ලස් කොමිසම භාරයට ගත් මෙම සුපිරි ප්‍රාඩෝ ජීප් රථ 5 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවටයි ඉදිරිපත් කෙරුණේ.

එම වාහන වහාම රේගුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියම කළා.

ඊට අයවිය යුතු බදු මුදල් වහාම එකතු කර අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා රේගුවටද නියෝගයක් ලබාදුන්නා.

සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමටද මෙහිදී නියෝග කළා.

Exit mobile version