Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගොයම කහ වීම වළක්වා ගැනීමට බන්ඩි පොහොර යේදිමට යෝජනා

ගොයම කහ වීම වළක්වා ගැනීමට බන්ඩි පොහොර යොදන්න උපදෙස්

ගොයම කහ වීම වළක්වා ගැනීමට බන්ඩි පොහොර යොදන්න උපදෙස්

මේ දිනවල ඇතැම් ප්‍රදේශවල වගා කර ඇති වී වගාවන් කහ පාට වී ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වෙමින් තිබෙනවා.

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරින් පිරිසක් එම ප්‍රදේශවලට යොමු කර වාර්තා ලබා ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙම ගොයම් කහ පැහැතිවීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් බවයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසන්නේ.

බොහෝ ගොවි ජනතාව වී වගාව සඳහා යුරියා පොහොර යොදා ඇතත් මියුරේට් ඔෆ් පොටෑෂ් MOP) හෙවත් බණ්ඩි පොහොර යෙදීමට පියවර නොගැනීම ‌ගොයම් ගස් කහ වීමට හේතුවී තිබෙනවා.

එමනිසා රජය විසින් ලබා දෙන පොහොර සහනාධාර මුදල් යොදා ගනිමින් බණ්ඩි පොහොර වී වගාව සදහා යෙදීමට ප්‍රමුඛත්වය ලබා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම්වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Exit mobile version