Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණයෙන්

ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණයෙන්

ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණයෙන්

පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් ගාසා තීරයේ සිටින වයස අවුරුදු පහට අඩු ළමයින් 8,000කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයට ප්‍රතිකාර ලබන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමෙන්ම ඔවුන් අතර, 1,600ක් පමණ පිරිසක් දැනටමත් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ එම ළමුන්ගෙන් 28 දෙනෙකු මියගොස් ඇති බවයි

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් දැන් ව්‍යසනකාරී කුසගින්න සහ සාගත‍ය වැනි තත්වයන්ට මුහුණ දී සිටින බවයි.

කෙසේ වෙතත් මන්දපෝෂණය හේතුවෙන් මේවනවිට මරණ 32ක් වාර්තා වී ඇති බවත් ඒ අතර වයස අවුරුදු 05ට අඩු ළමුන් 28ක් සිටින බවත් එම වාර්තාවල විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Exit mobile version