Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 4 මුදාගනි, එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් 274ක් ඝාතනයට

ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 4 මුදාගැනී; එ වෙනුවෙන් එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් 274ක් මිය යයි

ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 4 මුදාගැනී; එ වෙනුවෙන් එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් 274ක් මිය යයි

හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු මුදාගැනීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් පසු මෙම පිරිස මුදා ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කර සිටින අතර මුදාවාගත් පුද්ගලයින් 4 දෙනා අතරට පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා එක් කාන්තාවක ඇතුළත් බවද සඳහන් වේ.
ඔවුන් අවුරුදු 22, 26, 27 හා 41 යන වයස්වල පසුවන බවද ආරංචි මාර්ග පවසා සිටියි.

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයට ඊශ්‍රායලය විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 274ට අධික සංඛ්‍යාවක් ඝාතනයට පත්ව 698 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හා තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බවයි හමාස් සෞඛ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ.

නුසෙයිරත් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ප්‍රහාරයන්ගෙන් අවතැන් කඳවුරකට හා පාසලකට දැඩි හානි සිදුවූ අතර තුන්සියයකට ආසන්න පිරිසක් ඝාතනයට පත් වී ඇත.

මෙය සමූල ඝාතනයක් බවත්, ස්ථිර විසදුමකින් තොර විසදුමක් නොමැති බවත් පවසන හමාස් සංවිධානය මෙම ප්‍රහාරයට ඇමෙරිකාව සම්බන්ධ වීම මගින් ගාසාහී මිනිස් ඝාතනයන්හි සංකිර්ණ බව ඔප්පු වන බවද පවසා සිටියි.

තවද ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් කීප දෙනෙකු නිදහස් කර ගනු ලැබුවද ඔවුන් විසින්ම තවත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කල බව පවසන අතර
ඊශ්‍රායලය විසින් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරනු ලබන වීඩියෝ පටයක් නිකුත් වී ඇති බවද පවසා සිටියි.

Exit mobile version