Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩො.මි 225ක මිලිටරි ආධාර පැකේජයක්

යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩො.මි 225ක මිලිටරි ආධාර පැකේජයක්

යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩො.මි 225ක මිලිටරි ආධාර පැකේජයක්

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කිගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

රුසියාවට එරෙහි යුද්ධයේදී ඇමෙරිකා මුදල් යුක්‍රේනයට යැවීමේ දී සිදුවූ ප්‍රමාදය ගැන ඇමෙරිකානු නායකයා මෙසේ සමාව අයැද තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකා ජාතික ආරක්ෂක අරමුදල් පනතේ කොටසක් ලෙස ධවල මන්දිරය යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61ක් ඉල්ලා සිටි අතර එය අප්‍රේල් අග වන තුරු කොංග්‍රසය විසින් අනුමත කර නැත.

යුක්‍රේනය චෝදනා කර ඇත්තේ ඇමරිකාවේ අරමුදල් ප්‍රමාද වීම නිසා යුධ පිටියේ පරාජයන් රැසකට එය හේතු වූ බවයි.
කෙසේ වෙතත් යුක්‍රේනය අත් නොහරින බවට ඇමරිකා ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබෙන අතර ප්‍රංශයේ දී නායක දෙපළ මුමුණගැසී එහිදී මෙම සාකච්චා පැවැත්වි ඇත.
මේ අතර ඇමරිකාව තවත් ඩොලර් මිලියන 225ක මිලිටරි ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබා දෙන බව ද නිවේදනය කර තිබෙනවා.

Exit mobile version