Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගයීමේ තරඟයෙන් ජය ගත් ස්ථානාධිපතිවරුන්ට ත්‍යාග

පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගයීමේ තරඟයෙන් ජය ගත් ස්ථානාධිපතිවරුන්ට ත්‍යාග

පරිසර හිතකාමී දුම්රිය ස්ථාන ඇගයීමේ තරඟයෙන් ජය ගත් ස්ථානාධිපතිවරුන්ට ත්‍යාග

මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2024 වසරේ හරිත දුම්රියපොලවල් තේරිමේ වැඩසටහන යටතේ ප්‍රධාන දුම්රිය ස්ථාන අටක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් තොරාගෙන එම දුම්රිය ස්ථාන වෙත ත්‍යාග සහ සහතික පත් පිරි නමා ඇත.

ජගත් පරිසර දිනයට සමගාමිව මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2022 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනෙන් පරිසර හිතකාමි දුම්රිය ස්ථාන ඇගයිමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන සහ දැනුවත් කිරිමේ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

2024 වසරේ හොදම හරිත ප්‍රධාන දුම්රිය ස්ථාන වශයෙන් ඉහල කොට්ටේ, රඹුක්කන, වේයන්ගොඩ, ත්‍රිකුණාමලය, හැටන්, ඇල්ල, අහුන්ගල්ල සහ උකුවෙල යන දුම්රිය ස්ථාන තොරාගෙන ඇති අතර, උප දුම්රිය ස්ථාන වශයෙන් මිසාලෙයි සහ හෝමාගම රෝහල් පාරේ උප දුම්රිය ස්ථානය තේරිපත් වී තිබෙනවා.

මෙම වැඩසටහනේ ජයග්‍රහකයන්ට ඉකුත් 05 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි පාරිසරික රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් ත්‍යාග සහ සහතිකපත් පිරිනමා තිබෙනවා.

Exit mobile version