Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්පෝට් හදන්න පෙර හැඳුනුම්පත අලුත් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකිරීමට ආගමන විගමන පාලකවරයා තීරණය කර තිබෙනවා.

මේ අනුව එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප, අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් ඒ අනුව පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලෙසත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියා.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්කරුගේ අයදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවද බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයදුම්කරු නියම අයදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පැවතීම මෙයට හේතුව බවයි සඳහන් වන්නේ.

එසේම පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේදී ආගමන විගමන පද්ධතිය නවීකරණය කිරීමෙන් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයැදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බවද සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල්වරයා පවතින ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ජාතික හැඳුනුම්පත්, ඡායාරූපය, උප්පැන්න සහතිකය ආදිය ස්කෑන් කර ආගමන විගමන පද්ධතියේ යාවත්කාලීන කෙරෙන බවද කියා සිටියා.

Exit mobile version