Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජූලි මස සිට විදුලි බිල පහළ දැමීමට යෝජිනාවක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

(10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල වැඩිවීමක්

ජූලි 1 වැනිදා සිට විදුලි බිල පහළ දැමීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බ්‍රහස්පතින්දා දින(06) පාර්ලිමේන්තුවේදීය.

එහිදී ගෘහස්ථ කාණ්ඩවලට වැඩි සහනයක් ලබා දීමට තීරණය කළ බව අමත්‍යවරයා පැවසුවේය.

ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිකුරාදා දින (07) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙනු ඇති බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව,
ඒකක 0-30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ද
ඒකක 30-60 දක්වා ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා ද
ඒකක 60-90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද
ඒකක 120 දක්වා රුපියල් 50 සිට 30 දක්වා පහළ දැමීමට යෝජනා කර තිබේ.

Exit mobile version