Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රි පාද සමය අවසානයේ දිරා නොයන කැළි කසල කිලෝ 1,00,000ක් ඉවත් කෙරේ

ශ්‍රි පාද සමය අවසානයේ දිරා නොයන කැළි කසල කිලෝ 1,00,000ක් ඉවත් කරයි

ශ්‍රි පාද සමය අවසානයේ දිරා නොයන කැළි කසල කිලෝ 1,00,000ක් ඉවත් කරයි

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරණායක මහත්මිය පැවසුවාය.

ගෙවුණු වන්දනා සමය 2023 දෙසැම්බර් මාසයේ සිට 2024 මැයි මස වෙසක් පුන් පෝය දින දක්වා පැවැත්විණි.

ඉවත් කරන ලද කැළි කසල තොගයට දිරන කසල කිලෝ 60,000ක්, නොදිරන කසල කිලෝ 36,000ක් හා ප්ලාස්ටික් බෝතල් කිලෝ 3000ක් ඇතුළත්ව තිබිණි.

නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේ පිහිටි මස්කෙළිය ප්‍රාදේශිය සභාවට යටතේ ඇති කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත මෙම දිරන හා නොදිරන කසල තොගය ගෙනවිත් එම ස්ථානයේදී ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය සිදු කරන බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්.රාජවීරන් මහතා පැවසීය.

– dinamina

Exit mobile version