Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයහපත් කාලගුණය පුද්ගලයන් 10ක් ජිවිතක්ෂයට; ඉදිරි පැය 48 අවදානම්

අයහපත් කාලගුණය පුද්ගලයන් 10ක් බිලි; ඉදිරි පැය 48 අවදානම්

අයහපත් කාලගුණය පුද්ගලයන් 10ක් බිලි; ඉදිරි පැය 48 අවදානම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 10ක් සහ අතුරුදහන්වීම් 5ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ විශේෂයෙන් කලු ගඟ, ගිං ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ දෙපස සිටින ජනතාව ඉතා විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ ඉතාමත් වැදගත් බවයි.

මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය ආපදාවට පත් පුද්ගලයින් බේරා ගැනීම සඳහා යොදවා ඇති බවත් ඒ අනුව ආපදාවට පත් ජනතාව බේරා ගැනීමේ ක්‍රියාවන් මේ වනවිටත් සිදුවන බවයි ඔහු පවසන්නේ.

පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ඉදිරි පැය 48 තුළ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

Exit mobile version