මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ කන්යකුමාරී ප්‍රදේශය ආශ්රිත එරට මුහුදේ දී අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම ධීවරයින් පැමිණි යාත්‍රාව ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 16 වනදා ද ඉන්දීය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 14 දෙනෙකු සහ යාත්‍රා 5ක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණා.