Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ; එරට දින 5ක ශෝක කාලයක්

ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ; එරට දින 5ක ශෝක කාලයක්

ඉරාන ජනපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ; එරට දින 5ක ශෝක කාලයක්

අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම, හෙලිකොප්ටරයේ සිටි අනෙක් පුද්ගලයින්ගේ සිරුරුද මේ වනවිට සොයාගෙන ඇති බව, ඉරාන රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කර ඇත.

ඒ, අනුව සෝදිසි මෙහෙයුම් අවසන් කර ඇති බවද ඔහු රාජ්‍ය රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මරණය හේතුවෙන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙනි විසින් එරට දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරිදා දින(19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහාද මියගොස් තිබුණි. අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි. කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.

63 හැවිරිදි වියේ පසුවූ රයිසි එරට මීළඟ අධ්‍යාත්මික නායකයා වෙතැයි අපේක්ෂා කෙරිණි.

ජීවිතක්ෂයට පත්වූ ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු අඟහරුවාදා දින (21) ටෙබ්‍රිස් ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතය.

Exit mobile version