Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්කුඩු කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් අද විනාශ කිරීමට නියමිතයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ අද දින (18) සවස 5.00ට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිතය.

වනාතවිල්ලුව, ලැක්ටෝ වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද අධිබලැති උදුනක් භාවිත කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම මත්ද්‍රව්‍ය පුළුස්සා දමනු ඇත.

පසුගිය කාලයේ පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව විශාල වශයෙන් මත්කුඩු අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, විනාශ කිරීමට නියමිත මත්කුඩු නීතිමය කටයුතු අවසන් කර ඇති ඒවා බවයි.

Exit mobile version