Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනමක්

උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනමක්

උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනමක්

තම රට වැසියන්ට අමුතු විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, මේ වනවිට උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීමද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතාද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇතැයිද පැවැසෙයි. මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇතැයිද පැවැසෙයි.

උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන්නේ ‘හමුදාව ප්‍රථමයෙන්’ යන සංකල්පයයි. උතුරු කොරියානු වැසියන් සියලු දෙනා ජීවත් විය යුත්තේ එකිනෙකා අතරේ කැපී නොපෙනෙන ආකාරයටය. රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇතැයිද පැවැසෙයි.

Exit mobile version