Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල අගමැතිට වරෙන්තු නිකුත් කරන්න – කොලොම්බියානු ජනපති

ඊශ්‍රායල අගමැතිට වරෙන්තු නිකුත් කරන්න - කොලොම්බියානු ජනපති

ඊශ්‍රායල අගමැතිට වරෙන්තු නිකුත් කරන්න - කොලොම්බියානු ජනපති

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන ප්‍රහාරවලට එරෙහිව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙස කොලොම්බියාවේ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ජාත්‍යන්තර යුද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායල ගාසා තීරයේ ජනසංහාරයක් සිදු කරමින් සිටින බවත්, නෙතන්යායු ජනසංහාරකයකු ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවත් කොලොම්බියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගාසා තීරයේ දරුවන්, කාන්තාවන් සහ ව‍ෙයා්වෘද්ධ පුද්ගලයන් දහස් ගණනක් ඝාතනය කිරීමෙන් වීරයකු වන්නේ නැතැයි කොලොම්බියානු ජනාධිපති විසින් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඊශ්‍රායල අගමැතිවරයාට ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ. යුරෝපයේ යුදෙව්වන් මිලියන ගණනාවක් ඝාතතය කළ නාසි හමුදාව සහ ඊශ්‍රායල අගමැතිවරයා අතර වෙනස්කමක් නැති බවත් ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Exit mobile version