Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇෆ්ගනිස්තානයේ ගංවතුරෙන් 330ක් ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ ගංවතුරෙන් 330ක් මරුට

ඇෆ්ගනිස්තානයේ ගංවතුරෙන් 330ක් මරුට

ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් ප්‍රාන්ත රැසක් ගංවතුරට යටවීමෙන් පුද්ගලයන් 330 දෙනකු ජිවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින තුනක කාලයක් අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවෙන් සිදුවූ ගංවතුරට හසුවීම නිසා තවත් පුද්ගලයන් 1600කට පමණ තුවාල සිදුවී ඇතැයිද වාර්තා වේ. ප්‍රාන්ත ගණනාවක නිවාස දෙදහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයිද, තවත් නිවාස තුන්දහසකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවී ඇතැයිද එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ ඇෆ්ගනිස්තාන නියෝජිත රානා ඩිරාස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

විපතට පත්වූවන් බේරා ගැනීමට සහ අවතැන් වූවන්ට සහන සැලසීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය පියවර ගෙන ඇති අතර, රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයිද වාර්තා වේ. ගංවතුරට හසුවූ බොහෝ නගරවල නිවාස, මහාමාර්ග සහ රථවාහන සම්පූර්ණයෙන්ම මඩ සහ ගල් කැබලිවලින් පිරී ගොස් ඇතැයිද, ආපදා කළමනාකරණ කණ්ඩායම් ඒවා ඉවත් කිරිමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version