Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවක විදෙස් නිවාඩු අනුමැතියට නව චක්‍රලේඛයක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

2016 සිට රාජ්‍ය සේවයට එක්වුණු අයට සුබ ආරංචියක්

කොවිඩ් වසංගත කාලය තුළ විදෙස්ගතව පැවති වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දිනට සේවයට වාර්තා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමැතිය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රජයේ නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් කොට මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එමෙන්ම, මෙතෙක් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන්ට සේවය හැරයාමේ නිවේදන නිකුත් කරන ලෙසද මෙම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

Exit mobile version