Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවේ විශ්වවිද්‍යාල පලස්තීන හිතවාදී විරෝධතා දිග්ගැස්සෙයි

අමෙරිකාවේ විශ්වවිද්‍යාල පලස්තීන හිතවාදී විරෝධතා දිග්ගැස්සෙයි

අමෙරිකාවේ විශ්වවිද්‍යාල පලස්තීන හිතවාදී විරෝධතා දිග්ගැස්සෙයි

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාව ප්‍රධාන විශ්වවිද්‍යාලවල පලස්තීන හිතවාදී විරෝධතා දිග් ගැස්සෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වොෂින්ටන්, නිව්යෝක් ඇතුළු එරට ප්‍රධාන නගර රැසක විශ්වවිද්‍යාල සිසුසිසුවියන් වීදි බැස විරෝධතාවල නිරතවීම හේතුවෙන් පොලිසිය කැඳවීමට අමෙරිකානු රජය පියවර ගත් බවද වාර්තා වේ.

වොෂින්ටන් නුවර සිසු උද්ඝෝෂණයට සහභාගි වූ එරට හරිත පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂිකා ජිල් ස්ටේන්ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඇය සමඟ වොෂින්ටන් නුවර විශ්වවිද්‍යාල විරෝධතාවට සහභාගි වූ තවත් සමාජ ක්‍රියාකාරින් ඇතුළු සිසුසිසුවියන් 80කට වැඩි පිරිසක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

උතුරු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක් වසා දැමීමටද සිදුවී ඇති අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන යුද ප්‍රහාරවලට අමතරව ඊශ්‍රායලයට සම්බන්ධ ආයතන අමෙරිකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමට බල කරමින් එම විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version