Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාවට 5වන ස්ථානය

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ.

සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර ඇත.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5වන ස්ථානයයි.

එහි පළමු තැන තායිලන්තයටත් දෙවන ස්ථානය ග්‍රීසියටත් හිමිව තිබේ. එමෙන්ම එහි තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර සිව්වන ස්ථානය පෘතුගාලයට හිමිව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මතයි.

Exit mobile version