Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන ලෙස CIDයට නියෝගයක්

ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය බ්‍රහස්පතින්දා (25)නියෝග කර තිබෙනවා.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බව සඳහන්.

නැව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා විසින් නැවේ මෙහෙයුම් කටයුතු කළ දේශීය නියෝජිත ආයතන දැනුවත් කර ඇත්ද, එසේ දැනුවත් කළේ නම් එම දත්ත දේශීය ආයතනය නියෝජිතයින් විසින් මකා දමා ඇත්ද යන්න පිළිබඳව සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනය දැනුවත්කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳව වාර්තාවක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය නඩු වාරයේ ඉදිරිපත් කළ අතර එම වාර්තාවද විත්තිකරුවන්ට ලබා දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ.

Exit mobile version