Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයේ වගා හානි ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණයක්

මහ කන්නයේ වගා හානි ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණයක්

මහ කන්නයේ වගා හානි ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණයක්

2023/24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබේ.

මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක්ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය.

පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව ලැබුනු වර්ෂාව නිසා එළවළු වගාවන් විශාල වශයෙන් හානියට පත්වීම නිසා මෙම වසරේ මුල් මාස තුන තුළ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාමට මෙම තත්ත්වය බලපාන ලද බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම් තවත් හෙක්ටයාර් 23,874ක් කෘමිහානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්විය. එම ප්‍රමාණය සමස්ත හානියට පත්වූ වගා බිම්වලින් සියයට 27ක් වේ.

කෙසේ වුවද අප්‍රේල් මාසය තුළ නැවත වරක් එළවළු හා පලතුරු වගාව යහපත්වී ඇති නිසා මේ වනවිට එම අස්වැන්න ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් පෙබරවාරි, මාර්තු මාසවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවැතීම හේතුවෙන් එළවළු හා අනිකුත් බෝග වගා බිම් අතිශය සාර්ථක වී ඇතැයිද එමනිසා එළවළු මිල ගණන් විශාල ලෙස පහළ යාමට එම තත්ත්වය බලපාන ලද බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023/24 මහ කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය. මෙම වාර්තාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

Exit mobile version