Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක්; විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගොස්

රට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක්; විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගොස්

රට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක්; විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගොස්

මෙරට තුළ ගුරුවරු 40,000කගේ පමණ හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව කියා සිටියේ කොළඹ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. විශේෂයෙන්ම බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල මෙලෙස ගුරු හිඟය වැඩි වශයෙන් ඇති බවයි ඔහු කියා සිටියේ.
ගුරු හිඟය පියවීමට රජය කටයුතු නොකළහොත් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි ලෙස බාධා එල්ලවනු ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි. එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රට අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version