Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජපානයෙන් ඇ.ඩො මිලියන 8.4ක් වටිනා ප්‍රදානයක්

කටුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජපානයෙන් අ.ඩො මිලියන 8.4ක් වටිනා ප්‍රදානයක්

කටුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජපානයෙන් අ.ඩො මිලියන 8.4ක් වටිනා ප්‍රදානයක්

විදේශිකයින් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රදානයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ කොලඹ වරායට ලබා දීමට ජපන් රජය කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රදානය යටතේ ලබාදෙන පලමු උපකරණ තොගය කටුනායක ගුවන්තොටුපලේ දී ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි මහතා විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.

සංක්‍රමණිකයන් සඳහා වු ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බල පත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රවේශ පාලන පද්ධතියක්ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මෙයට අමතරව කටුනායක ගුවන්තොටුපල තුළ ඒකක 150 කින් යුතු සුහුරු (Smart) වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබයි.

Exit mobile version