Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියාගේ පුතුන් 3 දෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු ඝාතනයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉස්මයිල් හනියාගේ පුතුන් 3කු සහ මුනුබුරන් 4කු මිය යයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉස්මයිල් හනියාගේ පුතුන් 3කු සහ මුනුබුරන් 4කු මිය යයි

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියාගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව, එම සංවිධානය තහවුරු කර තිබේ.

ඔවුන් ගමන් කරමින් තිබූ මෝටර් රථයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මෝටර් රථය ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගාසා නගරය ආසන්නයේ අල්ෂාටි කඳවුර අසල දීය.

මොවුන්, රාමසාන්හි පළමු නිවාඩු දිනය සැමරීමට පවුලේ උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බවයි‍.

මෙම ප්‍රහාරයත් සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ඉලක්ක ‍කර ගනිමින්, හමාස් සංවිධානය සිදු ‍කෙරෙන සාකච්ඡාහි කිසිඳු ඉල්ලීමක් වෙනස් නොකරන බව හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

Exit mobile version