Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු බලපෑම් මත ගාසා තීරයට මානුෂීය මාර්ග දෙකක්

අමෙරිකානු බලපෑම් මත ගාසා තීරයට මානුෂීය මාර්ග දෙකක්

අමෙරිකානු බලපෑම් මත ගාසා තීරයට මානුෂීය මාර්ග දෙකක්

ගාසා තීරයට මානුෂීය මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර එමගින් භූමියට වැඩි ආධාර ලබා දීමට ඉඩ සලසා ඇති බව ඊශ්‍රායලය පවසනවා.

උතුරු ගාසා තීරයේ Erez ගේට්ටුව යුද්ධය ආරම්භයේ සිට පළමු වරට තාවකාලිකව නැවත විවෘත කෙරෙන අතරම Ashdod වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා විවෘත කරන බව සඳහන්.

ජෝර්දානයෙන් ලැබෙන තවත් ආධාර Kerem Shalom Crossing හරහා ඇතුළුවීමටද අවසර හිමිවනවා.

මෙලෙස මානුෂීය ආධාර බෙදා හැරීමට මාර්ග විවෘත කර ඇත්තේ පසුගියදා ගාසා තීරයේ සේවය කළ සහන සේවකයන් හත් දෙනෙකු මිය යාමෙන් පසු පළමු වතාවට අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් ඊශ්‍රායල අගමැති සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අගමැතිවරයාගෙන් සිවිල් හානි වැළැක්වීමට සහ ආධාර සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට ස්ථිර පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

එසේ නොවුණහොත් ගාසා තීරය හා ඊශ්‍රායලය සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැනට සිටින ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සිදුවන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

Exit mobile version