Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 මුල් මාස 3දී රැකියා සඳහා විදේශ ගත වූ සංඛ්‍යාව 74,499ක්

2024 මුල් මාස 3දී 74,499ක් රැකියා සඳහා විදේශ ගතවෙලා

2024 මුල් මාස 3දී 74,499ක් රැකියා සඳහා විදේශ ගතවෙලා

2024 මුල් මාස 3 තුළදී ශ්‍රි ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඉන් 34,599 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවූ කාන්තාවන් වන අතර එම ප්‍රමාණය අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් සියයට 46 කි. මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 39,900 කි.

ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 17,793 කි.

මෙම සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2024 මුල් මාස 3 තුළදී පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 2,374 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 2,114 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 1,899 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 1,947 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි වෘත්තිය රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතකිරීම දිරිමත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කර ඇති අතර, ලොව හොඳම සාත්තු සේවා ආර්ථිකය ශ්‍රී ලංකාව බවට පත්කිරීමද කාර්යාංශයේ ඉදිරි අපේක්ෂාව වේ.

එසේම රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් 2024 මුල් මාස 2 තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 963.8ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා තිබේ.

2023 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ගණන 76,025 කි.

Exit mobile version