Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෙබනනයේ සාමසාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 125ක්

ලෙබනනයේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 125ක්

ලෙබනනයේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 125ක්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා යුද හමුදා 15වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඉකුත් බදාදා දින (03) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලධාරින් 114 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත විය. මෙම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී කටයුතු කරනු ලබයි.

සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපල වෙත යුද හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, 14 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක සහ යුද්ධ හමුදා ගමන් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් අනිල් පෙරේරා ඇතුළු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පිටත්වගිය භට කණ්ඩායමේ නිලධාරි සහ සෙසු නිලධාරින්ගේ පවුල්වල සමාජිකයන් සහභාගී විය.

Exit mobile version