Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ සංස්කෘතික උරුම ස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් විනාශයට

ගාසා තීරයේ සංස්කෘතික උරුම ස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් විනාශයට

ගාසා තීරයේ සංස්කෘතික උරුම ස්ථාන 200කට වැඩි ප්‍රමාණයක් විනාශයට

ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූදා සිට, එහි සංස්කෘතික උරුම ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් ලේඛනාගාර, විශ්ව විද්‍යාල සහ කෞතුකාගාර සමඟ විනාශ වී ඇත.

ඊශ්‍රායල හමුදාව විසින් ඓතිහාසික කෞතුක වස්තු සොරාගෙන ගොස් ඇතැම් ඒවා එරට පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනයට පවා තබා ඇතැයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ගාසා තීරයේ උරුමය මෙලෙස විනාශ කිරීම මගින් පලස්තීන ජනතාවට එම භූමිය පිළිබඳ අයිතිය සහ ඉතිහාසය අකාමකා දැමීමක් ලෙස සැලකේ.

පුරාවිද්‍යාවේ පවතින මධ්‍යස්ථභාවය හෙවත් පොදු උරුමය දේශපාලන කාරණයක් බවට මෙමගින් පත් කර තිබේ.

යුරෝපීය පුරා විද්‍යාඥයින්ගේ සම්මේලනය(EAA)ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

Exit mobile version