Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

HIV ආසාදිතයින් 14%කින් ඉහළට

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා එච් අයි වී ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය කියා සිටියේ ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය මේ බව සඳහන් කළාය.

Exit mobile version