Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් ගැසට්ටුව ඉවතට

ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් ගැසට්ටුව ඉවතට

ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් ගැසට්ටුව ඉවතට

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකළා.

මෙම පෙත්සම (28) එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළෙඳසැල්වලින් ලබාදෙන ෂොපින් බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවත් එම මලු සඳහා මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇති බව සඳහන් කර සිටියා.

මෙම පෙත්සම (28) කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී නිකුත් කරන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම වළක්වාලමින් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවයි.

Exit mobile version