Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්

1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්

1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ආහාර වේලක්

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට (25) දිනයේ සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇති බවද සඳහන්.

මෙම වැඩසටහන තුළින් නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත කරයි.

Exit mobile version