Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන විනිසුරුගේ ක්‍රියාවලියේ වෙනසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන විනිසුරුගේ ක්‍රියාවලියේ වෙනසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන විනිසුරුගේ ක්‍රියාවලියේ වෙනසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ නිරවද්‍යතාවය සහ වේගය වැඩි කිරීම සදහා නව ක්‍රමවේදයක් (Smart Replay System) හදුන්වා දීමට තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබේ.

නව ක්‍රමවේදය යටතේ තෙවන විනිසුරුට (රූපවාහිනී විනිසුරු) Hawk-Eye තාක්ෂණ ක්‍රියාකරුවන් දෙදෙනාගෙන් සෘජුවම අවශ්‍ය රූපරාමු ලැබීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම ක්‍රියාකරුවන් දෙදෙනා හා තෙවන විනිසුරු එකම කාමරයක රැදී සිටිමින් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මෙම නව ක්‍රියාවලිය සිදු කරනු ලැබේ.

තරගයක් සදහා ක්‍රීඩාංගනයක Hawk-Eye තාක්ෂණය සහිත කැමරා 8ක් යොදා ගන්නා අතර, ක්‍රියාකරුවන් දෙදෙනෙකු විසින් එහි පාලන කටයුතු සිදු කරයි.

ඒ අනුව මෙතෙක් තෙවැනි විනිසුරු සහ Hawk-Eye ක්‍රියාකරුවන් අතර සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කළ රූපවාහිනී විකාශන අධ්‍යක්ෂවරයා මින් ඉදිරියට තෙවන විනිසුරුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොවේ.

මෙම ක්‍රමවේදය තුළින් තෙවන විනිසුරුට මීට පෙර ලැබුණු දර්ශනවලට වඩා වැඩි දර්ශන ලබා ගනිමින් නිවැරැදි හා වේගවත්ව තීරණ ලබා දීමේ හැකියාව ලැබෙනු ඇත.

Exit mobile version