Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක්

ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක්

ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක්

ගංගා ජලයට ලවණ මිශ්‍ර වීමේ අවදානමක් මතුව ඇති බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ, පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ මාතර නිල්වලා ගඟේ ජල මට්ටම පහළ යමින් තිබීම හේතුවෙන්.

නිල්වලා ගඟේ ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇති බවට ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයන්ගෙන් මෙලෙස ලවණ ජලය ගංගා ජලය සමඟ මුසු වන බවට නිලධාරීන්ට සැක මතුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ යම් හෙයකින් නිල්වලා ගඟට මුසු වන ලවණ ඉහළ ජලධාරා ප්‍රදේශ වෙත ගලා ගියහොත් පිරිපහදු කිරීම සඳහා ලබා ගන්නා ජලයට ලවණ මිශ්‍ර වීමෙන් පානීය ජලයට එය මිශ්‍ර වීමේ හැකියාවක් පවතින බව ජල සම්පත් මණ්ඩල නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන් කියා සිටියේ, වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පැවතියහොත් ඒ තුළින් ඇතිවිය හැකි තත්වයන්ට මුහුණ දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින බවයි.

Exit mobile version