Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැතුම් නිස්සංකට එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අලුත් තැනක්

පැතුම් නිස්සංකට එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අලුත් තැනක්

පැතුම් නිස්සංකට එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ අලුත් තැනක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ඒ අනුව පැතුම් නිස්සංක පළමු 10 අතර සිය ස්ථානය වෙන්කරගෙන ඇත.

මේ වනවිට පැතුම් නිස්සංක එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ රැඳී සිටින්නේ 08 වන ස්ථානයේය.
ඔහු මීට පෙර 11වන ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන 3ක් පෙරමුණට පැමිණීමට සමත්ව ඇත.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 711කි.

තවදුරටත් එහි පෙරමුණේ සිය ස්ථානය රැකගැනීමට පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 824ක් හිමිකරගනිමින්ය.

Exit mobile version