Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 23ක කසිප්පු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 23ක කසිප්පු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එහිදී ගෝඩා බැරල් 130ක් පොලිසිය විසින් සොයාගත් අතර ඔතේ කැලේ ඇළ ඉවුරේ ජයටම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරනු ලබන වැටලීම් හේතුවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරු වන මානා නැමැත්තා පොලිස් නිලධාරීන් අමතා වැටලීම් සිදුනොකරන ලෙසට දුරකතනය කතා කරමින් හඩා වැළපෙන බවද පොලිසිය කියයි.

මීට සතියකට පමණ පෙර ඔතේ කැලේ ප්‍රදේශයෙන් ගෝඩා බැරල් 80ක් වලාන මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version