Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු ගාසාවේ දරුවන් 1/3 අයකුට උග්‍ර මන්ද පෝෂණය

උතුරු ගාසාවේ දරුවන් 1/3 අයකු උග්‍ර මන්ද පෝෂණයෙන්

උතුරු ගාසාවේ දරුවන් 1/3 අයකු උග්‍ර මන්ද පෝෂණයෙන්

උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව එම නියෝජිතායතනය පෙන්වා දුන්නේය.

ළමා මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ගාසා තීරයේ ළමා මන්දපෝෂණ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත් නියෝජිතායතනය තව දුරටත් ප්‍රකාශ කළේය.

යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3ක පලස්තීන ජනතාවක් අවතැන් වී ඇති බවත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති වී තිබෙන බවත් එම නියෝජිතායතනය පවසා සිටි.

ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව මැනීමේ ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණයට අනුව ගාසා තීරයේ සාගතයක් ඇති බවට ප්‍රකාශයට පත් කිරීමට නම් ගාසා තිරයේ ජනතාවගෙන් සියයට 20ක් දැඩි උග්‍ර ආහාර හිඟයකින් පෙළිය යුතු බවත් මේ වනවිට ගාසා තීරයේ දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙද්දී දිනපතා 10000 ක් කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හා රෝගවලින් මියයන බවත් එම නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

Exit mobile version