දින 10ක් තුළ ස්ථාන 30කින්, වනාන්තර ආශ්රිත ගිනිගැනීම් වාර්තා වී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වනාන්තර ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.
තවද පවතින උණුසුම් අධික කලගුණ තතත්ත්වය හමුවේ, එළිමහනේ සිදුකරන කටයුතු, වඩාත් විමසිල්ලෙන් සිදුකරන ලෙසත් එම මහතා වැඩිදුරටත් පැවසීය.