Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූර 8ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් මෙලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අපරාධ හා රථවාහන දිසාව භාරව කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරුමැද පළාතටත්, දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ එස්.සී. මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුක‍ර යවා තිබෙනවා.

උතුරු පළාත භාර ‍ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කේ. පී. එම් .ගුණරත්න මහතා බස්නාහිර පළාතටත්, ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ කටයුතු කළ එස්.ඩබ්ලිව්.එම් සේනාරත්ත මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බව සඳහන්.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ කටයතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී .ඒ.කේ පියසේකර මහතා කළුතර කොට්ඨාසයට සහ ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ.එම්. එම්.එස් දෙහිදෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Exit mobile version