Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා යටතට

අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ.

ඒ, මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත්වීමත් සමගයි.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

ඒ සඳහා මසකට රුපියල් මිලියන 12ක් පමණ වැය කිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බව අධිකාරිය පැවසුවේය.

Exit mobile version