Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

පානීය ජල ගැටලු දැනුම්දෙන්න අංකයක්

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසයි.

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එවැනි ස්ථානවල ජනතාව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සමඟත් ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පවුල් 3,000ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ වියළි කාලගුණය මැද ජල සම්පාදන ක්‍රම 6ක ජලය මුර ක්‍රමයට සැපයීමට පියවර ගෙන ඇති බවය.

සැමවිටම අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version